පරිසරය වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු

View previous topic View next topic Go down

පරිසරය වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු

Post by Siraj on 28/01/11, 09:09 pm

වසරක්‌ ගෙවිල තවත් නව වසරක්‌ උදාවෙලා. පරිසරය ගැන, ස්‌වාභාවික සම්පත් ගැන, වන සතුන් ගැන ආයිමත් අපට තියෙන්නේ නැවුම් බලාපොරොත්තු පොදියක්‌. ඒත් හැමදාමත් ජනගහනය වැඩිවෙනවා. ඔවුන්ට කන්නට දේවල් හොයන්න වගේම ඉන්නට හිටින්නටත් දිනෙන් දින වැයවෙන්නේ පාරිසරික සම්පත්. ජනගහනය වැඩිවුණාට භූමිය වැඩිවෙන්නේ නැති හින්ද දිනෙන් දින අභියෝගයට ලක්‌වෙන්නේ මේ රටේ වනාන්තර බිම්. යුද්ධය නිමාවෙලා සංවර්ධනයේ බුල්ඩෝසර් ගමන් ගන්නෙත් පරිසරයේ සම්පත් පොඩිපට්‌ටම් කරමින්. ඉතින් මෙරට වන ගහනය, විශේෂයෙන්ම රක්‍ෂිත වනාන්තර බිම් රැකගැනීමේ වගකීම අපට දිනෙන් දින වැඩිවෙනවා. වනාන්තර අඩු වෙනකොට අලි-මිනිස්‌ ගැටුම්, වන සතුන් විනාශය, ජෛව විවිධත්ව හායනය ගැන අපට නිරන්තරයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. අද අලි-මිනිස්‌ ගැටුම ගැන බොහෝ දෙනෙක්‌ කතා කළත්, වනාන්තර විනාශය, අලින්ගේ නිජබිම් අහිමි වීම, උන්ගේ ආහාර හා ජල ප්‍රශ්න ගැන කතා කරන බවක්‌ පෙනෙන්නට නැහැ.

අලි – ඇතුන්, වන සතුන් ගැන වගේම උන්ගෙන් පිඩා විඳින අහිංසක ගැමියන් ගැනත් අපට කතා නොකර ඉන්න බැහැ. කොහොම හරි ලංකා සිතියමේ හරිත පැහැය අදටත් සියයට අසූවක්‌ විතර තිබ්බට ඇත්තටම වන සතුන්ට දිවි ගෙවිය හැකි ජෛව විවිධත්වය හොඳින් සංරක්‍ෂණය කරන ජල උල්පත් සංරක්‍ෂණය වන වනාන්තර තියෙන්නේ සියයට විස්‌සකටත් වඩා අඩුවෙන්. මේ වනාන්තර ටිකවත් රැකගත්තේ නැතිනම් කෝටි දෙකක ජනගහනයක්‌ සමග මේ රටේ ජීවය අඳුරු අගාධයකට ඇද වැටෙන්න පුළුවන්. පෙර වාසනාවකට අපට ලැබී තිබෙන ගංගා, ඇළ, දොළ පද්ධතිය වියළිලා යන්න පුළුවන්. ඉතින් බීමටවත් ජල බිඳක්‌ සොයා ගැනීම සුවිශාල අභියෝගයක්‌ විය හැකියි. පරිසරය ගැන එතකොට මේ රටේ ස්‌වාභාවික සම්පත් සංරක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව ගැන පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හඬ නගන්නේ ඒ නිසා. ඒත් රටේම ජනතාවගේ ජීවය රකින්නට කතාකරන කොට අපි විටෙක බලධාරීන්ගේ උදහසට ලක්‌වෙනවා. ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයො විතරක්‌ නෙමෙයි මැති ඇමැතිවරු පවා රවනවා, ගොරවනවා. පරිසරය රැකගැනීම, රැගනීමට උදව් කිරීම, රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදීම වරදක්‌ වෙන්නෙ කොහොමද කියල අපට තේරෙන්නේ නෑ. ගෙවී ගිය වසර දෙක තුන තුළ පරිසරය ගැන කතාකරන්න ගිහිං ඒ වගේ අත්දැකීම් අපිත් හොඳට විඳල තියෙනවා.

පරිසරය ගැන කතා කිරීම පරිසරවේදීන්ගේ මාධ්‍යවේදීන්ගේ විතරක්‌ වගකීමක්‌ වෙන්න විදිහක්‌ නෑ. නිලධාරීන්ගේ, බලධාරීන්ගේ විතරක්‌ නෙමෙයි මේ රටේ සෑම සියලු පුරවැසියාටම ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. තමන් දිවි ගෙවන වටපිටාව, තමන්ට ආහාර, ජලය, වාතය සපයන වටපිටාව රැක ගැනීම අපි කාගේත් යුතුකමක්‌. ඒ වගේම වගකීමක්‌. අඩුම තරමින් ටොµsයක කොළයක්‌වත් අපට හිතෙන හිතෙන තැන බිම දමන්න අපට සදාචාරාත්මක අයිතියක්‌ නෑ. අපිව රකින පරිසරය රැකගන්න අපි විශාල වගකීමකින් කටයුතු කළ යුතුමයි. අපි භාවිත කරන ජලය, විදුලිය, වාතය, කෙත, කමත, වනාන්තරය මේ සියල්ල අපි එදාට වඩා අද සුරක්‌ෂිත කළ යුතුයි. පසුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපි ඒවා රැකගැනීමට අදිටන් කළ යුතුයි. එහෙම නැතිව පරිසරය රැකගැනීමේ වගකීමෙන් මිදෙන්න කාටවත් බැහැ. මේ සඳහා සුදුසු වැඩපිළිවෙළ බිහිවිය යුතුයි.

සෑම පුරවැසියෙක්‌ම පරිසරය රැක ගැනීමේ කාර්යයට, රටේ සම්පත් තිරසාර ලෙස භාවිතයට හුරුකිරීමට වහාම බිම් මට්‌ටමේ වැඩපිළිවෙළ හා දැනුවත් කිරීමේ කාර්යභාරයක්‌ සිදුවිය යුතුයි. අපේ රටේ තරම් රෙදිපිළිවලට, පාවහන් යනාදියට, විදුලියට, ජලයට වෙනත් පොදු සම්පත් භාවිතයට නාස්‌තියක්‌ සිදුකරන වෙනත් රටක්‌ නැතිව ඇති. ඒවාට වැඩපිළිවෙළක්‌ මෙන්ම ගස්‌වැල්, වන සතුන්, ජෛව විවිධත්වය සංරක්‍ෂණයට හා භාවිතයට සැබෑ කළමනාකරණයක්‌ බිහිවිය යුතුයි.

පරිසරය වෙනුවෙන්, වන සතුන් වෙනුවෙන් අලුත් ඇමැතිවරු පත්වෙලා ඉන්න මේ මොහොතේ පරිසර ක්‍ෂේත්‍රයේ ආයතනවලට අලුත් බලධාරීන් පත්වෙලා ඉන්න මේ මොහොතේ, රට ආශ්චර්යයක්‌ කරා ගමන් ගන්නා මේ මොහොතේ අපිට දැන් අලුත් දැක්‌මක්‌ සහිතව ගමන් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. මේ හැම සමගම මාධ්‍යවේදීන්, පරිසරවේදීන් විතරක්‌ නෙමේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු සමගම අප අලුත් ගමනක්‌ ආරම්භ කරමු. අපේ මේ සුන්දර, අද්විතීය දිවයින ලොව බබළවමු. පරිසරය තිරලෙස භාවිත කරමින්, අරපිරිමැස්‌මට හුරුවෙමින් පරිසර හිතකාමී දිවියකට හුරුවෙමු.
avatar
Siraj
Guest


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum